නව කොවිඩ් ප්‍රභේදය හේතුවෙන් ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකානු ටෙස්ට් සංචාරය අවලංගු කරයි

February 2, 2021 at 3:34 PM

එළඹෙන දකුණු අප්‍රිකානු ටෙස්ට් තරග සංචාරයෙන් ඉවත් වීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම තීරණය කර තිබෙනවා.

ක්‍රිකට් ඕස්ට්‍රේලියා ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ මෙම අවස්ථාවේදී දකුණු අප්‍රිකාවේ සංචාරය කිරිම භයානක බවයි.

ඒ දකුණු අප්‍රිකාවේ මේ වන විට ව්‍යාප්ත වෙමින් පවතින නව කොවිඩ් වෛරසය ප්‍රභේදය සහ දෙවන රැල්ල හේතුවෙන් බවයි ක්‍රිකට් ඕස්ට්‍රේලියා ආයතනය නිවේදනය කර සිටියේ.

ඇතිවී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් දකුණු අප්‍රිකානු ක්‍රිකට් පාලක මණ්ඩලය අවබෝධයෙන් යුතුව කටයුතු කරනු ඇති බවට ද මෙහිදී ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය සඳහන් කර සිටිනවා.