කොළඹ ආසාදිතයින් 212ක් : ගම්පහ සහ මහනුවර ආසාදිතයින් 100 ඉක්මවයි

February 2, 2021 at 12:16 PM

ඊයේ දිනයේදී මෙරටින් කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 826 දෙනෙකු වාර්තා වූ අතර ඉන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ලෙස 212 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.

ඒ සමගම කොළඹ දිස්ත්‍රික්කයෙන් මේ වන විට වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 24,902ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කොළඹ නගර සභා සීමාවෙන් ආසාදිතයින් 18ක්, රාජගිරියෙන් 14ක්, මට්ටක්කුලියෙන් 12ක්, මොරටුවෙන් 10ක් ලෙස කොළඹ දිස්ත්‍රික්කය තුල වැඩි වශයෙන් ආසාදිතයින් වාර්තා වී තිබෙනවා.

ඊයේ දිනයේදී කොළඹට අමතරව තවත් දිස්ත්‍රික්ක දෙකකින් ආසාදිතයින් 100 සීමාව ඉක්මවා වාර්තා වී තිබෙනවා. ඒ ගම්පහ දිස්ත්‍රික්කයෙන් 132ක් සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් 131ක් ලෙසයි.

ඊයේ දිනයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් වැඩි වශයෙන් ආසාදිතයින් වාර්තා වී තිබෙන ප්‍රදේශ ලෙස කැළණිය 17ක්, ජා-ඇල 13ක්, වත්තල 12ක්, මීගමුව සහ මීරිගම යන ප්‍රදේශ වලින් ආසාදිතයින් 10 දෙනා බැගින් වාර්තා වූ බවයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටින්නේ.

මීට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 78, කළුතර 62ක්, ගාල්ල 29ක්, අම්පාර 04, මාතර 03, නුවරඑළිය 20, හම්බන්තොට 04ක්, පොළොන්නරුව 02, මාතලේ 37, පුත්තලම 10, මඩකළපුව 02, කෑගල්ල 14, රත්නපුර 28, අනුරාධපුර 14, බදුල්ල 15, මොණරාගල සහ යාපනයේ ආසාදිතයින් 06 දෙනා බැගින්, ත්‍රිකුණාමලය 04, වව්නියාව 03 දෙනා බැගින් ආසාදිතයින් වාර්තා වී ඇත.

ඊට අමතරව විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් 10 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇත.

මේ අතර ඊයේ දිනයේ දී කොවිඩ් ආසාදිත මරණ 07ක් වාර්තා වූ අතර මෙරට සමස්ත කොවිඩ් ආසාදිත අමරණ සංඛ්‍යාව 323ක් දක්වා ඉහල ගොස් ඇත.

ඊයේ දිනයේදී මෙරට සිදුකර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 13,392ක් වනවා.