මන්ත්‍රීධුරය අහෝසි නොකරන්නැයි ඉල්ලා රංජන් ගෙන් පෙත්සමක්

February 2, 2021 at 12:59 PM

සිය පාර්ලිමේන්තු ධුරය අහෝසි කිරීම වළක්වමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමණායක අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා සහ පාර්ලිමේන්තු මහ ලේකම්වරයා නම් කර තිබෙනවා.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට රංජන් රාමණායක මේ වන විට සිව්වසරක සිර දඬුවමකට ලක්ව අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සිටිනවා.