බ්‍රිතාන්‍යය සෞඛ්‍ය සේවය වෙනුවෙන් මිලියන ගණනක් එක් රැස් කර දුන් කපිතාන් ටොම් මෝර් කොවිඩ් ආසාදිතව දිවි ගමනට සමුදෙයි

February 2, 2021 at 9:53 PM

දෙවන එලිසබෙත් මහ රැජිණ විසින් නයිට් නාමයෙන් පුදනු ලැබූ හිටපු බ්‍රිතාන්‍ය යුද හමුදා නිලධාරියෙකු වන කපිතාන් ටොම් මෝර් කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් අභාවප්ප්‍රාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

මියයන විට ඔහුගේ වයස අවුරුදු 100ක් වූ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.

පළමු කොවිඩ් රැල්ලත් සමග බ්‍රිතාන්‍යය සෞඛ්‍ය සේවකයින්ගේ සුභසාදනය වෙනුවෙන් ඔහු සිය නිවසේ පිහිටි ගෙවත්තේ ඇවිදිමින් ඩොලර් මිලියන 20 කට අධික සංඛ්‍යාවක් එක් රැස් කර දීමට සමත් වුවා. ඒ ඔහුගේ 100 වන උපන් දිනයට සති කිහිපයක්ව තිබියදී.

මිට දින කිහිපයකට පෙර ඔහුට කොවිඩ් වෛරසය ආසාදනය වීම නිසා රෝහල් ගත කර සිටිය අතර මිට සුළු මොහොතකට පෙර ඔහු ජිවිත ගමනට සමුදුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා.

මේ අතර කපිතාන් ටොම් මෝර් ගේ අභාවය වෙනුවෙන් එංගලන්තයේ දෙවන එළිසබෙත් මහ රැජිණ සිය ශෝකය පළ කරමින් නිවේදනයක් ද නිකුත් කරතිබෙනවා.