ශිෂ්‍යත්ව ප්‍රථිපල අනුව පාසැල්වලට සිසුන් ඇතුලත් කිරීම මසකින් කල් දැමේ

February 1, 2021 at 3:57 PM

2020 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵලය අනුව පාසල්වලට සිසුන් ඇතුළත් කරගැනීම මසකින් කල් දමන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පවසනවා.

මෙවර ශිෂ්‍යත්ව විභාගයේ සමත් දරුවන් පාසල්වලට බඳවා ගැනීමේ කඩඉම් ලකුණු පහත දමන ලෙස බලකරමින් “පාසල් සුරැකීමේ ජනතා ව්‍යාපාරය“ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පැවැත්වුවා.

පසුව ඔවුන් පා ගමනින් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණි අතර එහිදී පොලීසිය සහ උද්ඝෝෂකයින් අතර නොසන්සුන්තාවයක්ද ඇති විය.