රංජන් රාමණායකගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ ඇපෑලක්

February 1, 2021 at 10:56 PM

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් තමන්ට ලබා දී ඇති වසර හතරක සිර දඬුවම අහෝසි කරන ලෙසද තමන් ඇප මත මුදා හරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රංජන් රාමනායක විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද විශේෂ ඇපෑලක් ගොනු කර තිබෙනවා.

මෙම ඇපෑල විභාගයට ගෙන අවසන් වනතුරු තමන් සිර බාරයේ තබා ගැනීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද ඔහු සිය ඇපෑලෙන් ඉල්ලා තිබෙනවා.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු රන්ජන් රාමනායකට ඉකුත් ජනවාරි මස 12 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර හතරක සිර දඬුවම් නියම කළ අතර එම දඬුවම අහෝසි කිරීම සම්බන්ධයෙන් යළි සලකා බලන ලෙසද ඉල්ලා මෙම විශේෂ අභියාචන පෙත්සමද හා ඊට අදාළ දිව්රුම් පෙත්සම් හා ලේඛණද ඔහුගේ නීතිඥවරයා මාර්ගයෙන් ගොනු කර තිබෙනවා.