විදෙස්ගත ඔබට අස්ථානගත නොවී භාණ්ඩ මෙරටට එවිය හැක්කේ කෙසේද ? මුහුණු පොතේ පලවූ පැහැදිලි කිරීම

February 1, 2021 at 9:48 AM

විදේශ ගතව සිටන ශ්‍රී ලාංකිකයින් මෙරට සිටින තමන්ගේ ඥාතීන්ට එවනු ලබන භාණ්ඩ රේගු භාරයේදී අස්ථාන ගතවන බවට පසුගිය කාලයේ විවිධ චෝදනා එල්ල වුනා.

එවැනි සිදුවීම් වලින් මගහැර තමන් විදේශ ගතව සිට එවන භාණ්ඩ නිසි පරිදි සිය ඥාතීන්ට ලබා ගැනීමට හැකිවන අයුරින් කටයුතු කරන්නේ කෙසේදැයි මුහුණු පොතේ තබා තිබු සටහනයි මේ,

” මාගේ රට ඉන්නා යාලුවන්ට හා යාලුවන්ගේ යාලුවන් වෙතටයි!

ඔබ පිටරටක සිට door to door ක්‍රමයට හෝ වෙන මොනයම් ක්‍රමයකට ලංකාවට පාර්සලයක් එවන විට එය වගකීමක් ඇති agent කෙනෙකුට හෝ ආයතනයකට බාර දීමට කාරුණිකවන්න. එවිට ඔබගේ භාණ්ඩ නැතිවීම, damage වීම හෝ ප්‍රමාද වීම වැනි කාරනා සම්බන්දයෙන් අපගේ ගෙවල්වල සිටිනා අහිංසක ලමයින්ට පලිගැසීමට හෝ සාප කිරීමට සිදු නොවනු ඇත.
මීට පෙරද මේ පිලිබද දැනුවත්කර තිබුනද නැවත පහත කාරනා මතක් කර දීමට කැමැත්තෙමි.

1. ඔබ එවන භාණ්ඩ කිසිවිටකත් රේගුව තුල ගබඩා නොකරයි. එමනිසා රේගු නිලදාරීන්ට විටින් විට ගොස් එම පාර්සල් ලිහා බැලීමට හෝ ඒවායේ ඇති චොකලට් ගෙදර ගෙනයාමට හෝ නොහැක.

2. සෑම විටම භාණ්ඩ පරීක්ෂා කරනු ලබන්නේ ඒවායේ අයිතිකරු ඉදිරියේ හෝ අයිතිකරු විසින් නියමාකාරයෙන් බලය පැවරූ පුද්ගලයකු ඉදිරියේදී පමනි. එමනිසා ඔබ විසින් භාණ්ඩවල බලය පවරණ පුද්ගලයා පිලිබද වගකීම ඔබ සතු වියයුතුය.

3.ඔබ ඉදිරියේ භාණ්ඩ විවෘත කිරීමට පෙර එය කවුරුන් හෝ කඩා ඇතිබවට හැගෙන්නේ නම් ඒ මොහොතේදීම පැමිනිලි කල හැකි අතර එම භාණ්ඩ සදහා වගකීම අදාල ආයතන විසින් දරන අතර රේගුව ඒ සදහා වගකියනු නොලැබේ.

4. මෙසේ ඔබ ඉදිරියේ පරීක්ෂා කරන භාණ්ඩ වලින් ගෙදර අඟහිඟකම් පියවාගැනීමට තරම් අහේනියක් අපිට නැති අතර එසේ ගෙනයාමට නම් ඔබ හෝ ඔබේ නියෝජිතයා ඇස්පියන් සිටිය යුතුය.

5. භාණ්ඩ පරීක්ෂා කිරීමෙන් පසුව ඒවා මුර කිරීම අපගේ රාජකාරියක් නොවන අතර ඔබ ඉදිරියේම ඒවා නැවත අසුරා මුද්‍රා තබනු ලබයි.

6. තවද ලංකාව තුලට ගෙන ඒම තහනම් හෝ සීමාකර ඇති භාණ්ඩ පිලිබද දැනුවත්ව සිටින්න. එවැනි භාණ්ඩ පෙට්ටි තුල සගවා එවීමෙන් වලකින්න. එලෙස එවනු ලැබූ කිසියම් භාණ්ඩයක් රේගුව විසින් නවතා ගතහොත් එයට අදාලව ලියවිල්ලක් නිකුත්කරනු ලබන අතර එසේ නොමැතිව කිසිම භාණ්ඩයක් රදවාගනු නොලබයි.

7. සෑම විටම රේගුව විසින් අයකරගන්නා බදු මුදලට අදාල රිසිට් පතක් නිකුත් කරනු ලබන අතර අදාල බදු ප්‍රතිශත තීරණය කරනු ලබන්නේ රජය විසින් නිසා අප සමග තර්ක කිරීමෙන් පලක් නොවේ.

එසේනම් ඔබේ භාණ්ඩ නැතිවන්නේ කෙසේද?

එය ඔබම සිතා බලා වගකීමක් ඇති ආයතනයකට භාණ්ඩ බාරදීමෙන් නිකරුනේ සාප කිරීමෙන් මිදෙන්න.”

 

May be an image of text

May be an image of text

May be an image of text that says 'บวกาา 'adamaigoga Shame on you srilankan custom corrupted officers 2w 586T Like Reply 3 chi Ranasinghe Shame on & never experienced such a thing before. Anyhow good to know.I can feel how you are disappointed darling 2w Like Reply 1 m~Pereira T' achc... Gamage Shame about sri lankan custom officers.... 2w Like Reply So sad 2w Like Reply 1 Nush Shame on you Srilankan Customs'

May be an image of text