පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය ගැන සෙවීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව ජනපතිට භාර දෙයි

February 1, 2021 at 12:08 PM

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ අවසන් වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට භාර දී තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අදාළ වාර්තාව ජනාධිපතිවරයාට භාර දී තිබෙන බවයි වාර්තා වන්නේ.

2019 වසරේ අප්‍රේල් 21 වන දින එල්ල වු පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා 2019 වසරේ සැප්තැම්බර් 20 වන දින මෙම පංච පුද්ගල ජනාධිපති පරීක්ෂණ කොමිසම පත්කරණු ලැබුවා.

වසර එක හමාරකට ආසන්න කාලයක් පුද්ගලයින් හාරසිය පනහකගෙන් පමණ සාක්ෂි විමසමින් එම කොමිෂන් සභාව විමර්ශන සිදුකළ අතර එහි කටයුතු පසුගිය 27 වනදා අවසන් කරනු ලැබුවා.

පාස්කු කොමිෂන් සභාවේ අවසන් වාර්තාව පිටු ලක්ෂයකට වඩා වැඩි වනු ඇතැයි කොමිසමේ ලේකම් බුවනෙක හේරත් උපුටා දක්වමින් ‘අරුණ’ පුවත්පත වාර්තා කර සිටියා.