දින 03ක් තුලදී පනස් දහසකට කොවිඩ් එන්නත ලබාදී අවසන්

February 1, 2021 at 8:48 AM

කොරෝනා මර්දන කොවිෂීල්ඞ් එන්නත ලබාදීමේ වැඩසටහන ඊයේ තුන්වැනි දිනටත් ක‍්‍රියාත්මක කෙරුණා. බස්නාහිර පළාතේ ප‍්‍රධාන රෝහල් 10 කදී එන්නත්කරණ කටයුතු ආරම්භ වූ අතර, මේ අනුව ගතවූ දින තුන තුළදී 50,000 කට අධික පිරිසකට එන්නත ලබාදී තිබේ.

මුලින්ම ප‍්‍රමුඛතාව මත සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ සාමාජිකයන් වෙත මෙම එන්නත් කිරීමේ වැඩසටහන ක‍්‍රියාත්මක කළ බව ප‍්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඞ් රෝග පාලන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා උපුටා දක්වමින් ” දිවයින” පුවත්පත වාර්තා කර සිටියේ.

එන්නත ලබාගත් ඇතැම් පුද්ගලයන්ට උණ වැනි සුළු සංකූලතා මතුවී ඇතත්, බරපතළ තත්ත්වයක් වාර්තා වී නොමැති බවයි රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කළේ.

පොලිසියේ සාමාජිකයන් සඳහා කොවිඞ් එන්නත ලබාදීම නාරාහේන්පිට පොලිස් රෝහලේදී ඊයේ සිදු කෙරුණා.