කොළඹ වරායේ බටහිර පර්යන්තය ගැන ඉන්දීය රජය සමග සාකච්ජා කිරිමට කැබිනට් කමිටුවක් (VIDEO)

February 1, 2021 at 10:11 PM

කොළඹ වරායේ බටහිර පර්යන්තය ඉන්දියානු රජය සමග සංවර්ධනය කිරිම පිලිබඳව සාකච්ජා කිරීමට කැබිනට් සාකච්ජා කමිටුවක් පත් කිරිමට තීරණය කළ බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන ප්‍රකාශ කර සිටිනවා.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සීයයට සීයක් වරාය අධිකාරිය යටතේ පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් වන කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන ලද අවස්ථාවේදී මේ ඉහත කරුණ සම්බන්ධයෙන් තීරණය කළ බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සීයයට සීයක් වරාය අධිකාරියේ පාලනය යටතේ පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් වන කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය අද හිමිවූ බවද මෙහිදී අමාත්‍යවරයා කියා සිටියා.