කොරෝනා සුළමුළ සොයන WHO කණ්ඩායම වූහාන් වෙත.

January 31, 2021 at 1:32 PM

කොවිඩ් වෛරසයේ මූල බීජය ගැන සොයා චීනයට ආ ලෝක සෞඛ්‍ය සංවිධානයේ පරීක්ෂක කණ්ඩායම අද වූහාන් හි පිහිටි සුපිරි වෙළඳ්සැලේ සංචාරයක නිරත  විය.

වූහාන් හි පිහිටි මෙම වූනාන් නම් මාංශ වෙළඳසැලෙන් කොවිඩ් පැතිරුණු බවටයි මීට පෙර පුවත් පළවුණේ.

ඒ අනුව අද ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිරීක්ෂණ කණ්ඩායම් එහි පැමිණ සිය  කටයුතු ආරම්භ කළේ දැඩි ආරක්ෂාව මධ්‍යයේය .