ලොරි රථයක ගැටී අවසන් ගමන් ගිය තරුණයින් දෙදෙනා (VIDEO)

January 31, 2021 at 6:00 PM

පුඩළුඔය – ගම්පොළ මාර්ගයේ නියන්ගන්දර ප්‍රදේශයේදී යතුරුපැදියක් හා ලොරි රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවු රියඅනතුරකින් තරුණයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද දහවල් සිදුව ඇති එම අනතුරින් බරපතළ තුවාල ලැබු තරුණයින් දෙදෙනා එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත්ව ඇත.

අනතුරින් මියගොස් ඇත්තේ කල්පිටිය ප්‍රදේශයේ පදිංචි ව සිටි සඳරුවන් රණසිංහ හා එම්.ජී දිනේෂ් නැමති 19 හැවිරිදි තරුණයින් දෙදෙනෙකි.

තරුණයින් පිරිසක් යතුරුපැදි 5කින් විනෝද චාරිකාවක් යමින් සිටිය දී ඉන් එක් යතුරුපැදියක් මෙලෙස අනතුරට ලක්ව ඇති බව පොලීසිය සිදුකළ මුලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.