තිදෙනෙකුට මරු කැඳවූ ඒකල රිය අනතුර (PHOTOS)

January 31, 2021 at 3:06 PM

කොළඹ – මිනුවන්ගොඩ ප්‍රධාන මාර්ගයේ ඒකල ගුවන් හමුදා කඳවුර ඉදිරිපිට වෑන් රථයක් පාරෙන් ඉවතට පැන බස් නැවතුම්පොළක තාප්පයේ ගැටීමෙන් සිදුවූ අනතුරකින් එහි ගමන්ගත් තිදෙනෙකු මියගොස් තිබෙනවා.

අද උදෑසන සිදුවූ අනතුරෙන් මියගොස් ඇත්තේ රද්දොලුගම, සීදූව සහ පමුණුගම ප්‍රදේශවල පදිංචිකරුවන් තිදෙනෙක් බවයි පොලිසිය පැවසුවේ.

මියගිය තිදෙනාගේ මළ සිරුරු රාගම රෝහලේ තැන්පත් කර තිබේ.