අදින් 25 වසරකට පෙර සිදුවූ මිලේච්ජ බෝම්බ ප්‍රහාරය (VIDEO)

January 31, 2021 at 1:45 PM

වසර 25 කට පෙර අද වැනි දිනක මෙරට ආර්ථිකය මර්මස්ථානය වූ මහ බැංකු ගොඩනැගිල්ලට එල්ටිටිඊ කොටි ත්‍රස්තවාදීන් විසින් බෝම්බ ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවා.

1996 ජනවාරි 31 වැනි දින රට කම්පනයට පත් කළ මහ බැංකු බෝම්බ ප්‍රහාරය ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අතරතුර LTTE විසින් සිදු කරන ලද මාරාන්තික ත්‍රස්ත ප්‍රහාර වලින් එකක් විය.

රාත්තල් 440 ක් පමණ පුපුරණ ද්‍රව්‍ය අඩංගු ට්‍රක් රථයක් ශ්‍රී ලංකාව මහ බැංකුවේ ප්‍රධාන ගේට්ටුව අසල පුපුරුවා ගැනීමෙන් එම බෝම්බ ප්‍රහාරය සිදුවිය.

එම පිපිරීමෙන් පුද්ගලයින් 91 දෙනෙකු මිය ගොස් 1,400 දෙනෙකු පමණ තුවාල ලැබූ අතර සදාකාලික ආබාධිත වූවන් තවමත් ජිවතුන් අතර සිටින අතර තවත් 100 දෙනෙකුට ඇස් පෙනීම නැති වී ගොස් තිබෙනවා.

මේ එම මිලේච්ජ බෝම්බ ප්‍රහාරය සිදුවූ අවස්ථාවේදී ගනු ලැබූ වීඩියෝ පටයක් :