“අදට වසරයි” : වුහාන් හි සිරවී සිටි ලාංකික සරසවි සිසුවෙකු තැබූ ෆේස්බුක් සටහන

January 31, 2021 at 1:19 PM

නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය ආරම්භ වූ චීනයේ වුහාන් නගරයේ සිරවී සිටි ශ්‍රී ලාංකික සරසවි සිසුන් ඇතුළු 33 දෙනෙකු ගෙන් යුත් කණ්ඩායම යලි මෙරටට ගෙන්වා ගෙන් අදට වසරක් සපිරෙනවා. වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් විදෙස් ගතව සිටි ශ්‍රී ලාංකිකයින් යලි මෙරටට ගෙන්වා ගැනීමේ පළමු කණ්ඩායම වුයේ එම පිරිසයි.

ඒ අනුව වෛරසය හේතුවෙන් විදෙස්ගතව රැඳී සිටින ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීම ආරම්භ කොට අදට වසරක කාලයක් සම්පුර්ණ වෙනවා.

ගතවු වසරක කාලය තුලදී විදෙස් ගතව සිටි ලාංකිකයින් 70,000 කට ආසන්න පිරිසක් මෙරටට රැගෙන ඒමට සහ ඔවුන්ව නිරෝධායනය කොට මුදා හැරීමට යුද හමුදාව ප්‍රමුඛ ගුවන් සහ නාවික හමුදාව සමත්ව තිබෙනවා. ඒ සෞඛ්‍ය අංශවල ද සහය ඇතිවයි.

2020 වර්ෂයේ ජනවාරි මස 31 වෙනිදා මෙරටට රැගෙන ආ චීනයේ වුහාන් සිට පැමිණි සරසවි සිසුවෙකු වන කසුන් වික්‍රමගේ සිය ෆේස්බුක් ගිණුමේ තබා තිබු සටහනයි මේ,

” -වසරකට පසු-
අද දිනට වූහාන් වල ඉදල අපි 33 දෙනාව ලංකාවට ගෙන්වාගෙන හරියටම අවුරුද්දක් සපිරෙනව.අපි එහෙන් ආවෙ 2020 ජනවාරි 31 රෑ.වසරක් ගෙවිල ගිහින් නොදැනිම.ඒ කාලය තුල සිදුවූ දේවල් බොහොමයි 😇.
🎉️🙏ඒ කටයුත්තට සහය උන උදව් උපකාර කළ ශ්‍රී ලංකා රජය, ත්‍රිවිධ හමුදාව ඇතුලු ආරක්ශක අංශ,සෞඛ්‍ය අංශ, තානාපති කාර්‍යාල,විදේශ සේවා අමාත්‍යාංශය ඇතුලු රාජ්‍ය ආයතන,අපව රැගෙන ඒමට ගිය ශ්‍රී ලංකන් ගුවන් කාර්‍යමණ්ඩලය,ලංකාවේ සිට අපව ගෙන්වා ගැනීමට බොහෝ කටයුතු කර වුහාන් සිට කලින් පැමිණි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, යහලුවන්,දෙමාපියන්,අප වෙනුවෙන් කතා කිරීමට අවස්තාව ලබා දුන් රූපවාහිනී මෙන්ම ගුවන්විදුලි මාධ්‍ය මෙන්ම මුද්‍රිත මාධ්‍ය,සමාජ මාධ්‍යජාලා ඔස්සෙ උදව් කර සියලු දෙනාටත්,දියතලාව හමුදාපුහුණු කදවුරේ සිට නිවස බලා ඒම දක්වා අපව අවශ්‍ය සියලු දේ ලබා දෙමින් ආරක්ශා කර හමුදා අංශවල සියලුම නිළයන් මෙන්ම සියලුම දෙනා ඇතුලු, වචනෙන් පවා හිත හැදුව,ලග හිටිය,උදව් උපකාර කල, වෙන වෙනම නම් සදහන් නොකලත් ආදරණීය මගේම මිනිසුනේ තවමත්,මතුවටත් ඔබට සිය දහස් වාර‍යක් ස්තූති.🙏❤️
එයින් ආරම්භ උන විදෙස් රටවල වෙසෙන ලාංකිකයන් ගෙන්වා ගැනීමේ කටයුතු වලින් බොහෝ පිරිසක් වරින් වර ලංකාවට පැමිණියත් තවත් බොහෝ පිරිසක් ලංකාවට එන්න බලාගෙන ඒ රටවල අතිශය දුශ්කර කාලයක් ගතකරමින් ඉන්නව.ඔවුනුත් හැකි ඉක්මනින් ලංකාවට ගෙන්වාගැනීම හැකිවෙන්න කියන එක අපේ ප්‍රාර්තනය.❣️
වසරකට පෙර ආරම්භ වුන නිරෝධායන කටයුතු රණවිරුවන්,සුවවිරුවන් ඇතුලු බළධාරීන් විසින් ඉතා විශිෂ්ට ලෙස කළමණාකරණය කරමින් පළමු රැල්ල පාලනය කරේ අප සියලු දෙනාටම සැනසුම් සුසුමක් හෙලීමට හැකිවන පරිද්දෙන්. ඒ නිළඇදුම යටින් සිටින මානුශීය මිනිසුන්ගේ කැපවීම, වගකීම, ආදරණීය බව එදත් අදත් මතුවටත් තියන බව යලි යලිත් පසක් කල ඔවුන්ට හිතේ ගෞරවයේ උපරිම තැනක තියනව. 😇❤️
නමුත් රටක් විදියට අප පැමිණ තිබුණ සාර්ථකත්ව නිසාම ඒ පිළිබදව තිබුණ සැලකිල්ල සහ අවධානය අප අතරින් ගිලිහෙමින් තිබුණ.කොහේ හො සිදුවූ අත්පසුවීමකින් හෝ යම් සිදුවීමකින් අවාසනාවන්ත විදියට කොරෝනා දෙවන රැල්ලක් විදියට රට පුරා ව්‍යාප්ත වෙනව.☹️ලෝකය පුරා කොරෝනා අවධානමක් තිබියදිත් දූපතක් විදියට අපේ රට ආරක්ශා කරන එක ගොඩබිම් දේශසීමා වලින් වෙන් වුණු රටකට වඩා වැඩි පහසුවක් තියනව.නමුත් වැරැද්දක් ,අත්වැරැද්දක් හෝ මොනයම් හේතුවක් නිසා හේතුවෙන් හෝ දැන් එය සිදුවෙලා තියනව,නමුත් අපි හැමෝටම හිතෙන දෙයක් තියනව,ඒ තමයි මේක මේ තරම් ව්‍යාප්ත වෙන්න කලින් අපිට මේක මීට වඩා පාලනය කරගන්න තිබුණ නේද කියන එක 🤐.කෙසේ හෝ සිදු වූ දෙය පාලනය කීරීමට වෙහෙසෙන කැපවෙන දුක්විදින අවධානම ගන්න පිරිසට හිසනමා ගෞරව කරනව.🙏
මුල් කාලෙ දිනක අසාධිතයන් 10ක් 15ක් අහුවෙද්දි අපි ගැස්සිලා ගියා,ලොකු අවධානමක් විදියට දැනුන.පලවෙනි මරණය වාර්තා උන දවසෙ ලංකාවෙන් මරන වාර්තා වෙන එකක් නෑ කියල තිබුණ බලාපොරොත්තු නැති උනා එක්කම මිනිසුන් තමන්ගෙ ආරක්ශා ව ගැන වැඩිපුර හිතන්න ගන්නව.ඒත් ඒ ටික දවසයි.ඒ මිනිස්සුම ආයෙ නීතියෙන් හිරකරනකරල,දඩකොල ලියල, හිරේ දාල පාලනය කරන්න වෙන්නෙ කොරෝනා වලට බය නැති මිනිස්සු නීතියට හෝ බය කරල පාලනය කරන්න,ආරක්ශා කරන්න.මේ වනවිට දෛනික ආසාධිත ප්‍රමාණ සහ මරණ සාමාන්‍ය පුවතක් වෙලා.දිනක මරණ ගාන 8ක් වෙන දවස් වගේම දෛනික ආසාධියින් සංඛ්‍යාව අටසියය ඉක්මවන දවසුත් තියනව.😪
ලාංකිකයන්ට ඇත්තටම අතීතෙ ඉදලම අනිත් ජාතීන්ට වඩා එඩිතරකමක් තියනව.ඒක අපි ඉතිහාසෙ ඉදලම අපේ කතාවල පවා අපි අහල දැකල තියනව. ශ්‍රී ලාංකිකයන්ගෙ ඒ බයනැතිකම එඩිතරකම තියෙන්න ඕනෙ තැන් වගේම ඒක අවස්තානුකූලව යොදාගන්න එකත් අපේ ගොඩක් අයට තේරුමක් නෑ වගේ.එහෙම කියන්න හේතුව සමහර පිරිස්ගෙ වැරදි හැසිරීම්. අපි මේ වෙද්දි මේ මුහුණ දෙන්නෙ ඇහැටවත් නොපෙනෙන, ජාති, ආගම්, කුල, වත්පොහොසත්කම්, තනතුරු, නම්බුනාම වගේ කිසිම දෙයක් නොතකන ඇහැටවත් නොපෙනෙන තරමෙ කුඩා ඒත් ප්‍රභල වෛරසයකට.🧐
එකකට දෙකකටද, නෑ මිලියන ගනනකට . ඒකට මුණ දෙන්න ඕනෙ හිතේ එඩිතරකම වගේම වෛරසයකින් ආරක්ශා වෙන්න පිළිපැදිය යුතු සෞඛ්‍ය පුරුදුත් එක්ක 😷.මේක වෛරසයකට එරෙහිව කරන දැවැන්ත මිනිස් මෙහෙයුමක්.ඔබ ඊට කැමති උනත් අකමැති උනත් අපි ඒ මෙහෙයුමේ කොටස්කාරයෝ වෙලා ඉවරයි. අපි අපේ කොටස අනිවාර්යයෙන්ම කරන්න වෙනව,කල යුතුයි.🤒🤧
මේ වනවිට අසාධිතයින් හැටදහස ඉක්මවල තියනව ඒ වගේම මරණ ප්‍රමාණය තුන්සියයකට අධිකයි. ආරක්ශක අංශවල,සෞඛ්‍ය අංශවල මෙන්ම මහජනතාවගේ ලැබෙන සහයෝගය නිසා පනස්පන් දහසකට ආසන්න ප්‍රමාණයක් සම්පූර්ණ සුවය ලබල තියන එකත් ලොකු සැනසීමක්.😇
මේ වෙද්දි බොහෝ දෙනෙකුගෙ රැකියා වලට බලපෑමක් වෙලා තියනව සංචාරක කර්මාන්තයෙන් සෘජුව සහ වක්‍රාකාරයෙන් ජීවත් උන බොහෝ පිරිසක දැඩි අර්බුදයකට ලක්වෙලා තියනව,ඒ එකක් විතරයි තව බොහෝ අංශ වලට කොරෝනාවේ බලපෑම සෘජුවම තියනව.😐
අධ්‍යාපනය ලබන දුවා දරුවන් වෙනද නැති පීඩනයක ඉන්නව,online අධ්‍යාපනය සහ පංතිකාමරයක උගන්වන දේ අතර බොහෝ ලොකු වෙනසක් තියනව,ඒක උගන්වන ගුරුවරු මෙන්ම දරුවන්ද කියන දෙයක්.අන්තර්ජාල පහසුකම් මෙන්ම අවශ්‍ය උපකරණ නොමැති දරුවන් කොතරම් අප අවටම ඉන්නවද,උදේට වතුර වීදුරුවක් කහට කෝප්පයක් බීල පාසලට එන ලමයින්ට online අධ්‍යාපනය කියන එක තියෙන්නෙ ගොඩක් දුරින්.🙁
මෙයින් අප නොදකින පැත්තකටත් ලමයි යොමුවෙනව.ස්මාර්ට් දුරකතන හෝ පරිඝනක පිලිබද ලොකු දැනුමක් නොමැති දෙමව්පියන් දරුවන්ට අධ්‍යාපන කටයුතු සදහා ලබා දෙන එම උපකරණ වැරදි භාවිතයන්ට යොදාගත් අවස්තා ඒවා හසුකරගත් ගුරුවරුන් විසින්ම පෙන්නල දීල තියනව.ඒ අපි නොහිතන පැති.ඒ විදියට මේ වසංගතයේ වක්‍රාකාරයෙන් වන බලපෑම් ප්‍රමාණයත් අති විශාලයි. 😞
අපිට මේක අද ඉවරවෙයි හෙට ඉවරවෙයි කියල කියන්න පුලුවන් කමක් නෑ.vaccine එක රටේ ජනතාවගෙන් 65% කට ප්‍රමාණයකවත් දුන්නහොත් ප්‍රතිශක්තියක් ගොඩනගා ගත හැකිබව අදල පාර්ශව පෙන්වල දෙනව.ඒ ප්‍රමාණයට අවශ්‍ය සියලු මාත්‍රා ප්‍රමාණයන් ලබා දීල ආසාධිතයින්ගෙ අඩුවක් දක්නට ලැබෙන දවසක අපේ හිතට දැනෙන සහනය කෙතරම් වේවිද.මේකයි දවස කියල කියන්න පුලුවන් නිශ්චිත දවසක් නෙමෙයි ඒ.😟
කොවිඩ් ඉවරවෙන දවසක් වෙනකල් බලන් ඉදල අපේ වැඩ පටන් ගන්න ඉන්න බෑ.අපිට මේකත් එක්කම ඉන්න වෙනව.අපිට සතුරො නැතිව මිතුරො එක්කම ඉන්න අවස්තා නෑ.නමුත් සතුරො ඉන්නව කියල දැනගෙන ආරක්ශා වෙලා ඉන්නව වගේ මේ නොපෙනෙන සතුර ඉන්නව කියල දැනගෙන ආරක්ශා වෙලා අපේ එදිනෙදා වැඩ කරන්න වෙනව. කොරෝනාව සෑම මොහොතකම සෑම තත්පරේකම වෙනස් ආකාර වලින් ලෝකය පුරාම ක්‍රියාත්මයි. ඔවුන්ගෙ ක්‍රියාවට එරෙහි ක්‍රියා සමග අපි අපේ එදිනෙදා වැඩ කරන්නම වෙනව.☺️
අපේ එදිනෙදා කරන රාජකාරී වැඩකටයුතු වලට වඩා සෞඛ්‍ය අංශවල නිළධාරීන් , ආරක්ශක අංශ වල නිළධාරීන් ඇතුලු විශේෂ පිරිස් මේ අවධානම සමග ආසාදිත පුදගලයන් සමග දිනපතා රාජකාරි කරනව.ඒ වෙහෙස, ඒ මානසික පීඩනය ඒ අවධානම වසරක් පුරාවටම ඔවුන් විදිනව, කවද ඉවරවෙයිද කියල අවිනිශ්චිත බලාපොරොත්තුත් එක්ක.😞😷
සෞඛ්‍ය නීතිවලට යටත්ව වැඩකරන ආයතන,ප්‍රවාහන සේවා සපයන අයවලුන් ඇතුලු සෞඛ්‍ය පුරුදු වලට ප්‍රමුඛත්වය ලබා දී බුද්ධියෙන් වැඩ කරන මිනිසුන්,නිරෝධායනය වන මිනිසුන්ට අවශ්‍ය ද්‍රව්‍ය ලබා දෙන මිනිසුන්,නිරෝධායන මද්‍යස්ථාන වලට ආධාර කරන මිනිසුන්,එහි වැඩිවියට පැමිණෙන දියනියන්ට පවා තෑගිභෝග දෙන්න, චාරිත්‍ර ඉටු කිරීමට උදව් වන අපේ රට ආදරණීය මිනිසුන්, සෞඛ්‍ය අංශවලට ආධාර උපකාර ලබා දෙන මිනිසුන් වගේම ආශ්‍රිතයින් සොයාගන්නා වැඩපිලිවෙලට ඉතා ඕනෑකමින් සහය දෙන රටට හිතැති මිනිසුන්,තමා ආසධිතයෙක් බව දැනගත් විට ඔව්න් ආශ්‍රය කර අය,ආගිය තැන් ගැන නොබියව සමාජ මාධ්‍ය තුලින් හෝ අනෙකුත් මාධ්‍යන් හරහා මගේම රටේ මගේම මිනිස්සු දැනුවත් කරන කොදු පන තියන වගකීම් ඉටුකරන මිනිසුන් ❤️ අතරම නිළධාරීන් ගේ රාජකාරියට බාධා කරන ,රෝහල් වලින් පැනයන,අසත්‍ය තොරතුරු ලබා දෙන,වගකීම් විරහිතව කටයුතු කරන නිවට නොමිනිසුන් ඉතා අතලොස්සකුත් ඉන්න එක ගැන ලොකු දුකක් කණගාටුවක් තියනව.😠
නිකමට හිතන්න පවුලෙ කෙනෙක් අසාධනය වෙලා රෝහලකට ගෙනියනව.අම්ම තාත්ත නැත්තම් තමන්ගෙ ලමය හරි පවුලෙ කෙනෙක්,වෙනවට නෙමෙයි නිකමට හිතන්න.ඒ ගෙනියන්නෙ ලගටවත් ගිහින් කතබහ කරල කැමති දෙයක් කන්න බොන්න දීල හිත් හැදෙන්න වචනයක් දෙකක් කතා කරල ලෙඩ්ඩු බලන වෙලාවට ලගට ගිහින් බලන්න පුලුවන් ලෙඩකට නෙමේ කියල. හදිසියේවත් මැරුනොත් ගෙදරින් එක්ක යද්දි දැක්ක මනුස්සයගෙ මිනියවත් බලන්න නැතුව අදාහනාගාරෙ දුම්ටික විතරක් දුර තියල බලල එන්න වෙන මරණයක්.පවුලෙ අනිත් අය නිරෝධායන වෙනවනම් ඒකත් නෑ. ඒකෙන්‍ එලියට එද්දි එකට කාල බීල කතා බහ කරගෙන හිටපු මනුස්සයගෙ ඒ මරණෙ දරාගන්නෙ කොහොමද.😢
තාමත් ඒ බය ඒක වින්ද මිනිස්සුන්ගෙ දුක තේරිල නෑ.ඒ අම්මට තාත්තට ලමයට ඒක බෝ උනේ ඔබෙන් නම් ඒ දුක කවද නැතිවේවිද.
කොවිඩ් වසංගතය කියන්නෙ ලෝක විනාසෙ නෙමේ.තව ටිකකාලෙකින් මේක ලෝකෙන් නැතිමවෙලා යයි.හැබැයි ඒ වෙද්දි ඔබේත් මගේත් මේ මොහොතෙ ලග ඉන්න කී දෙනෙක් මරණ ලයිස්තුවේ ඉදීද.අම්ම තාත්තා දරුව නැත්තම් පවුලෙ කෙනෙක් මේකට ගොදුරු උන දවසට හිතේවි අනේ එදා තව ටිකක් පරිස්සම් උනානම් කියල.එතකොට ගොඩක් පරක්කු වෙලා තියේවි. 😞
කොරෝනාව පටන් ගත්ත චීනය විසින් එය පාලනය කරල තියන විදිය ගත්තම ඉතා වේගවත් වගේම තාක්ෂණයත් උපරිමයෙන් යොදාගන්නව ,ඔවුන් ආසධිත පුදගලයන් හමුවුවහොත් ඒ ප්‍රදේශයම ලොක්ඩවුන් කරනව,එහෙමකරල pcr කෝටි ගනනක් ඉතා කෙටිකලකින් කරනව ඒ සියලුම දෙනාට,ඒ වගේම ඔවුන් දැන් ගුදමාර්ගයෙන් සාම්පල ලබාගෙන වෛරසය ආසාධිත බව සොයන්නට පටන් අරගෙන.ඒය 100%ක් නිවැරදි දත්ත ලබාගත හැකි ක්‍රමයක් කියල ඔවුන් කියනව.වූහානුත් දැන් යථාතත්වෙට පත්වෙලා තියනව.
මේ ආකාරයට බොහෝරටවල් වැක්සීන් හදල තියනව,තවදුරත් පරීක්ශන කරමින් ඉන්නව, බ්‍රිතාන්‍යයෙන් හමු උන නව ප්‍රභේදයට පවා 89%ක් සාර්ථක වැක්සීන් ඇමෙරිකාව විසින් හදල ඉවරයි මේ වෙද්දි. ඒ වගේම අසල්වැසි රටවලට ප්‍රදාන හා ත්‍යාග විදියට vaccine ලබා දෙන්න තරමට බොහෝ රටවල් අනෙකා ගැන හිතන්න පටන් අරන් තියනව,අපිටත් ආධාර විදියට ලැබුණු වැක්සීන් එක ප්‍රමුඛ පෙල පිරිසට ලබා දීමට කටයුතු ආරම්භ කිරීමට හැකිවීමත් ලොකු අස්වැසිල්ලක්. ❤️❤️
ඉතින් මේ වසරක් ඇතුලත බොහෝ දේ සිදුවෙලා තියනව.ලෝකෙ පුරා ආසාධියින් කෝටි ගානක්, මරණ ප්‍රමණයත් අතිවිශාලයි. අප දන්න ඉතිහාසයේ වසංගතයක් නිසා සිදුවන මිනිස් ජීවිත අහිමිවිම් සහ ලෝකයේ රටවල කඩාවැටීම් දකිම්න් අත්දකිමින් ඉන්නව. ලැබුණු අත්දැකීම්,ජීවිත වල සිදුවුණ වෙනස්වීම්,අභියෝග ජයගත් විදිහ,ජීවිතේ අමාරුම කාලෙ පහු කරපු විදිහ, මේ වසංගතයෙන් ආරක්ශා වෙලා හිටියොත් මේ වසංගතය ඉවර උන දවසක කතා කරන්න බොහෝ දේ ඔබටත් මටත් තියන බවනම් සහතිකයි.😌😌
කොරෝනා ආව මුල් කාලෙ ආදරණීය හදවත් තියන ලාංකීය මිනිසුන්ගෙන් කෙනෙක් කිව්ව කතාවක් තියනව.
❤️
“අමාරුම වෙලාවෙත් අත අරින්නේ නැති එකට අපි කියන්නේ ආදරේ කියලා. අපි අන්තිම වෙනකල් සටන් කරමු. දිනුම වැඩි ඈතක නෙවේ. මේ සටනේ අන්තිම වෙනකල් අපි ඉන්නවා කොන්දේසි විරහිතවම ඔයාලා වෙනුවෙන්”
❤️
ඉතින් දිනුම වැඩි ඈතක නෙවේ,අපි එකිනෙකා ගැන හිතනවනම් කොන්දේසි විරහිතවම. වසරක අතිශය දුශ්කරකාලයක් අපි පහු කරල තියනව.සෞඛ්‍ය පුරුදුත් එක්ක අපේ වගකීම් ඉටුකරනගමන් තව ටික කාලෙක කැපවීමක් කරොත් දේශපාලනය,ආගම්වාදය අතහැරල, ඉක්මන් වසංගතයේ අවසානයක් දක්නට හැකිවේවි.😇
ආගම්,ආගමික විශ්වාස,ඇදහිලි,මිත්‍යා මත දේශපාලන පක්ශ ඇවිත් බෙදෙන්න කලින් තිබුණ මනුශ්‍යත්වය මුල් කරගමු,මුලට ගිහින් හිතමු.බෙදෙන්න කලින් බේරිල ඉමු. 🙏❤️ ”