අද දිනයේදී කොවිඩ් මරණ 08ක් සහ ආසාදිතයින් 848ක්

January 30, 2021 at 10:47 PM

අද දිනයේ මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 848ක් බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටියි. මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 63,293ක් වනවා.

අද දිනය වන විට සම්පුර්ණ සුවය ලබා ඇති කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 56,277ක් වන අතර රෝහල් ගතව සිටින ආසාදිතයින් සංඛ්‍යාව 6,703ක් වනවා.

මේ අතර මිනුවන්ගොඩ සහ පෑලියගොඩ ආශ්‍රිතව ව්‍යාප්තිය ආරම්භ වූ දෙවන කොරෝනා රැල්ලෙන් අද වන විට වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 59,337ක්.

මේ අතර වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කරන පරිදි අද දිනයේදී මෙරටින් කොවිඩ් ආසාදිත මරණ 08ක් වාර්තා වී තිබෙනවා. ඒ සමගම මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 313ක් දක්වා ඉහළ ගොස් ඇත.