18 හැවිරිදි තරුණයා සිදුකළ මිනීමැරුම CCTV කැමරාවේ සටහන් වෙයි (VIDEO)

January 30, 2021 at 10:42 AM

මාවනැල්ල ප්‍රදේශයේ 64 හැවිරිදි කාන්තාවකට 18 හැවිරිදි තරුණයෙකු විසින් තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර ඇති බව පොලිසිය පවසනවා. මාවනැල්ල මාවාන ප්‍රදේශයේ මෙම ඝාතනය සිදු කර ඇති බවත් පෞද්ගලික ආරවුලක් මෙයට හේතු වී ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ කාන්තාව නිවස පිටුපස තම නැගණිය සමග සිටියදී එකවරම පැමිණි තරුණයා 64 හැවිරිදි කාන්තාවට තියුණු ආයුධයකින් ඇන ඇයගේ නැගණියටද තුවාල සිදු කර පලා ගොස් තිබෙනවා.

සිද්ධියෙන් තුවාල ලැබූ නැගණිය මාවනැල්ල රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

ඝාතනය සිදු කළ තරුණයා මිට පෙරද සිය පවුලට හිරිහැර සිදුකරන බව 64 හැවිරිදි කාන්තාව පොලිසිය පැමිණිලි කර ඇති බවද සඳහන්.

අදාළ තරුණයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

( මුලාශ්‍ර: හිරු වෙබ් අඩවිය)