ක්‍රිකට් ක්‍රීඩාව යලි නගා සිටුවීමේ කරුණු 07 ඇතුලත් යෝජනාවලිය එළිදක්වයි

January 30, 2021 at 8:23 AM

මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව හා නගා සිටුවීම සම්බන්ධයෙන් නව යෝජනාවලියක් සකස් කර තිබෙනවා. ඒ පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකයින් සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවති සාකච්ඡාවකදීයි.

ඒ අනුව නව තේරීම් කමිටුවක් පත් කිරීමටත්, දැනට පවතින ප්‍රථම පන්තියේ ක්‍රිකට් තරඟාවලිය ගැන සලකා බලා එහි ව්‍යුහය අවම වශයෙන් කණ්ඩායම් 08 ක් හා උපරිම කණ්ඩායම් 14 ක් ලෙස පවත්වාගෙන යාමටත් යෝජනා වී තිබෙනවා.

නව සුපිරි පළාත් තරඟාවලියක් සංවිධාන කිරීම සහ කණ්ඩායම් 05 ක් ඊට එක් කිරීම ද, ඉදිරිපත්ව ඇති තවත් යෝජනාවක්. ජාතික කණ්ඩායමට පත් කළ යුතු ඉහළ හැකියාවන් සහ සුදුසුකම් ලත් නිලධාරීන් හඳුනාගැනීම, ක්‍රීඩකයින් හා පුහුණුකරුවන්ගේ ගිවිසුම් සැලසුම් කිරීමේදී දිරිගැන්වීමේ පටිපාටිය ගැන සලකා බැලීම මෙන්ම ඔවුන්ගේ පෞද්ගලික දක්ෂතා සහ අඛණ්ඩ විනය පවත්වා ගැනීම පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීමට ද යෝජනා වී ඇති බවයි ක්‍රීඩා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටින්නේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කළමණාකරුවන් මගින් ක්‍රීඩකයින්ගේ සහ සහායකයින්ගේ ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කිරීමේදී ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතාවයට සහ විනය ගැන වඩාත් සැලකිලිමත් වීමද මෙහිදී යෝජනා වී තිබෙනවා.

ඒ අනුව ක්‍රිකට් ක්‍රීඩාව යලි නගා සිටුවීම සම්බන්ධයෙන් වන කරුණු ඇතුලත් යෝජනාවලිය පහතින් දැක්වේ.