නිදහස් දිනය වෙනුවෙන් ක්‍රියාත්මක විශේෂ රථවාහන සැලැස්ම

January 29, 2021 at 11:58 AM

73 වන නිදහස් දින උත්සවය වෙනුවෙන් පැවැත්වෙන පෙරහුරු හේතුවෙන් හෙට දින සිට පෙබරවාරි මස 03 වෙනිදා දක්වා කොළඹ නගර සීමාවේ මාර්ග කිහිපයක ගමනා ගමනය සීමා කිරිමට සිදුවන බව පොලිසිය නිවේදනය කර සිටිනවා.

ඊට අමතරව නිදහස් දින සැමරුම් උත්සවය පැවැත්වෙන පෙබරවාරි මස 04 වෙනිදා නිදහස් චතුරශ්‍රය සහ ඒ අවට මාර්ග වල විශේෂ රථ වාහන සැලැසුමක් ක්‍රියාත්මක බවයි පොලිස් මුලස්ථානය නිවේදනය කර සිටියේ.