කොවිඩ් මරණ 08ක් සමගින් මෙරට මුළු කොරෝනා මරණ ගණන 300 ඉක්මවයි

January 29, 2021 at 11:24 PM

අද දිනයේදී කොවිඩ් ආසාදිත මරණ 08ක් වාර්තා වී ඇත. මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 305ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා නිවේදනය කර සිටින්නේ.

කොළොන්නාව ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පිරිමිපුද්ගලයෙක්, පානදුර ප්‍රදේශයේ 67 හැවිරිදි කාන්තාවක්, ගාල්ල ප්‍රදේශයේ 58 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු, කළුතර ප්‍රදේශයේ පදිංචි 90 හැවිරිදි කාන්තාවක්, මොරටුව ප්‍රදේශයේ 80 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, පිලිය්න්දල් ප්‍රදේශයේ පදිංචිව සිටි 43 හැවිරිදි කාන්තාවක්, සයින්දමරුදු ප්‍රදේශයේ 63 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු සහ 66 හැවිරිදි වියේ පසුවන කාන්තාවක් මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත.

මේ අතර අද දිනයේ දී කොවිඩ් ආසාදිතයින් 859 දෙනෙකු වාර්තා වී ඇත. ඒ සමග මෙරට සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 62,445ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙරට රෝහල් ගතව සිටින කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 6,742ක් වනවා.

අද වන විට සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති ආසාදිතයින් සංඛ්‍යාව 55,398ක්.

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ ආශ්‍රිතව ව්‍යාප්තිය ආරම්භ වූ දෙවන කොරෝනා රැල්ලේ වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 58,489ක් වනවා.