කොවිඩ් එන්නත ලබාදීම ඇරඹේ (PHOTOS)

January 29, 2021 at 9:18 AM

ඉන්දියාව විසින් ලබාදෙනු ලැබූ කොවිඩ් එන්නත මෙරට ලබාදීම ආරම්භ කර තිබෙනවා. ශ්‍රී ලංකා යුද හමුදාවේ සාමාජිකයින් හට එන්නත් කරන වැඩසටහන මේ වන විට ආරම්භ කර ඇත.

නාරාහේන්පිට පිහිටි යුද හමුදා රෝහලේදී යුද හමුදා සාමාජිකයින් තිදෙනෙකු හට මෙම එන්නත ලබා දීම සිදුකෙරුණා.

මිට අමතරව මුල්ලේරියාවේ පිහිටි IDH රෝහලේ අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම හට ද කොවිඩ් එන්නත ලබාදුන් අතර මෙරට සෞඛ්‍ය අංශයේ සේවකයෙකු හට කොවිඩ් එන්නත ලබාදුන් පළමු අවස්ථාව මෙය වනවා.

මේ අතර කොළඹ දකුණ රෝහලේ වෛද්‍යවරුන්, හෙද හෙදියන්, රෝහල් කාර්ය මණ්ඩලයට ද කොවිඩ් එන්නත ලබාදීම මේ වන විට සිදුකෙරෙමින් පවතිනවා.

කොවිඩ් එන්නත ලබාදෙන අවස්ථාවේ ජායාරූප කිහිපයක් පහතින්.