කොවිඩ් ආසාදිත සෞඛ්‍ය ඇමතිනිය IDH රෝහලට – අරුණ පුවත්පත වාර්තා කරයි

January 29, 2021 at 10:09 AM

කොවිඩ් ආසාදිතයකු වන සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චි ඊයේ රාත්‍රියේ අයි.ඩී.එච් රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බව අරුණ පුවත්පත වාර්තා කර සිටිනවා.

ඇය ඊයේ රාත්‍රියේ අයි.ඩී.එච්. රෝහලට මාරු කළේ රත්මලාන ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය. කොවිඩ් ආසාදිතයකු ලෙස හඳුනා ​ගැනීමෙන් පසු ඇය හික්කඩුව ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබමින් සිටියා.

පසුව ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලට ඇතුළත් කරනු ලැබුවේ ඊයේ (28) පෙරවරුවේය. අනතුරුව මෙසේ අයි.ඩී.එච් රෝහලට මාරු කර ඇත.

කෙසේ වෙතත් ඇයගේ ස්වාමි පුරුෂයා හා දියණිය කොළඹ ජාතික රෝහලේදී දෙවැනි පී.සී.ආර්. පරීක්ෂණයට ලක් කර ඇතත් ඔවුන්ට කොවිඩ් වැලඳී නැති බවද තහවුරු වී ඇත.