කොවිඩ් එන්නත් රැගත් විශේෂ ගුවන් යානය පැමිණෙයි

January 28, 2021 at 11:45 AM

ඉන්දීය රජයන් විසින් මෙරටට පරිත්‍යාග කරන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලක්ෂ 05 ක් රැගෙන ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 281 දරන ගුවන් යානය අද දින දහවල් 11.35 ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළගාවී තිබෙනවා.

මෙම එන්නත් තොගය නිල වශයෙන් භාර ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත.

මෙම එන්නත් තොගය ඇසුරුම් පෙට්ටි 42 ක බහා තිබෙනවා.