කොවිඩ් ආසාදිත පාසැල් සිසුන් ගණන 70 දක්වා ඉහළට

January 28, 2021 at 9:14 AM

සමස්තයක් වශයෙන් පාසල් සිසුන් හැත්තෑ දෙනකුට පමණ මේ වන විට කොවිඩ් වයිරසය වැලඳී ඇතැයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් උපුටා දක්වමින් ‘අරුණ පුවත්පත’ වාර්තා කර සිටිනවා.

මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය වීමට පෙර අහඹු ලෙස සිසුන් පීසීආර් හෝ ඇන්ටිජන් පරීක්ෂණවලට ලක් කිරීමේ ක්‍රමයක් ආරම්භ කළ යුතු යැයි ඔහු ප්‍රකාශ කර සිටිනවා.

මාර්තු මස පළමු වැනිදා සිට සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ වන හෙයින් එම පරීක්ෂණ කඩිනම් කළ යුතු බවත් සඳහන් කරන ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම්වරයා, මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබෙන බවද ප්‍රකාශ කර සිටියා.

(අරුණ පුවත්පත)