කොවිඩ් ආසාදනය වූ සෞඛ්‍ය ඇමැතිනියගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට

January 28, 2021 at 10:54 AM

කොවිඩ් – 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටින සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ගේ සෞඛ්‍ය තත්ත්වය සුව අතට හැරමින් පවතින බව ප්‍රතිකාර සේවාවන් ලබාදෙනු ලබන වෛද්‍යවරු පවසනවා.

සෞඛ්‍ය අමාත්‍යවරියගේ පළමු ආශ්‍රිතයින් සහ එතුමියගේ පෞද්ගලික ලේකම් කංචන ජයරත්න මහතා ඇතුලු සියළු පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් මේ වන විට නිරෝධායනය වෙමින් සිටින අතර, වෛද්‍ය උපදෙස් මත එම කාර්ය මණ්ඩල PCR පරීක්ෂණ වලට ද ලක් කිරීමට ද පියවර ගෙන ඇත.

එමෙන්ම ජනාධිපතිතුමාගේ මැදිහත්වීමෙන් ඉන්දියානු රජයෙන් ලැබී ඇති ඇස්ට්‍රා සෙනෙකා කෙව්ඩ් එන්නත මෙරටට ලැබීමෙන් පසු එම එන්නත් ලබාදීමේ වැඩපිළිවෙල විධිමත් පරිදි සිදු කරන ලෙසට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි විසින් සෞඛ්‍ය ලේකම් වෛද්‍ය මේජර් ජනරාල් සංජීව මුණසිංහට සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධනට උපදෙස් ලබාදී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.