ක්‍රීඩා අමාත්‍යවරයා අද රැස්වීමේදී ගත් විශේෂ තීරණ 05

January 27, 2021 at 11:44 PM

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානීන්, ප්‍රධාන පුහුණුකරු, ජාතික ක්‍රීඩා සභාවේ නිලධාරීන්, අමාත්‍යංශ නිලධාරින් හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ අතර අද පැවති සාකච්ඡාවේදි තීන්දු තීරණ 05ක් ගෙන තිබෙනවා.

ඒ අනුව නව ක්‍රිකට් තේරීම් කමිටුවක් පත් කිරීම, තරගකාරී අභ්‍යන්තර හා පළාත් තරඟාවලියක් පැවැත්වීම, විනය හා ශාරිරික යෝග්‍යතාවයට ප්‍රමුඛත්වය ලබාදීම, දක්ෂතා පදනම් කරගෙන ක්‍රීඩකයින් කොන්ත්‍රාත් ගිවිසුම් ගත කිරීම සහ ප්‍රධාන පුහුණුකරුගේ සහායට අධ්‍යක්ෂවරයෙක් හා උපදේශකවරයෙක් පත් කිරිම මෙහිදී තීරණය කර තිබෙනවා.