සමාජ මාධ්‍යය ඔස්සේ අසත්‍ය ප්‍රචාරය කළ පුද්ගලයෙකු රක්ෂිත බන්ධනාගාරයට

January 27, 2021 at 11:54 PM

ප්‍රධාන පෙළේ රේඩියෝ මාධ්‍ය ආයතනයක සන්නාමය අවභාවිත කරමින් අසත්‍ය පුවත් සාමාජ මාධ්‍ය ඔස්සේ පතුරුවා හැරි පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අධිකරණ අමාත්‍ය ජනධිපති නීතිඥ අලි සබ්රි කළ ප්‍රකාශයක් පිළිබඳව අදාල මාධ්‍ය ආයතනයවිසින් පල වු පුවතක් සැකකරු විසින් මෙලෙස විකෘති කර සමාජ මාධ්‍යයට මුදා හැර තිබුණා.

ජනාධිපතිවරණයට පෙර ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතා අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රිට රට පුරා අලූතින් මුස්ලිම් කාති උසාවි 100ක් ඉදි කර දෙන බවට පොරොන්දුවක් ලබා දුන් බව දැක්වෙන අසත්‍ය පුවතක් මෙම සැකකරු විසින් සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබෙනවා. ඒ අදාළ මධ්‍යය ආයතනයේ සන්නාමයද භාවිතා කරමින්.

අනතුරුව අදාළ මාධ්‍ය ආයතනය විසින් මේ සම්බන්ධයෙන් කළ පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගැණුනු අතර පසුව පරිඝණක අපරාධ පනත දණ්ඩ නීති සංග්‍රහය, බුද්ධිමය දෙපල පනත යටතේ සැකකරුට එරෙහිව චෝදනා ගොනු කෙරුණා.

ඒ අනුව සැකකරු අද දිනයේ අලූත්කඬේ අංක 03 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු අතර ඔහු එහිදී පෙබරවාරී මස 02 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි මහේස්ත්‍රාත් ශලනි පෙරේරා නියෝග කර ඇත්තේ.

අද නඩුව කැඳවූ අවස්ථාවේදී සැකකරු විත්ති කූඩුවේදී සිහිසුන්ව ඇද වැටි තිබෙනවා.

සැකකරු මානසික වෛද්‍යවරයෙකු හමුවට යොමු කරන ලෙසද අලූත්කඬේ අංක 03 මහේස්ත්‍රාත්වරිය මෙහිදී නියෝග කරනු ලැබුවා.