පානදුරේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියේ සුලමුල හෙළිවෙයි : සැකකරුවෙකු අත්අඩංගුවට (VIDEO)

January 27, 2021 at 2:18 PM

පානදුර – පල්ලිමුල්ල ප්‍රදේශයේදී පසුගිය සඳුඳා පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරන කල්ලි දෙකක ආරවුලක් මත සිදුවූවක් බව මේ වනවිට අනාවරණ වී තිබෙනවා.

වෙඩි තැබීමෙන් මියගිය පුද්ගලයා පානදුර සහ ඒ අවට ප්‍රදේශවලට මත්ද්‍රව්‍ය බෙදා හරින ජාලයක කොටස්කරුවෙක් වන අතර, ඔහු වෙඩි තැබූ පාර්ශවය සමග මත්ද්‍රව්‍ය බෙදා හැරීමේදී සිදුවූ මුදල් ගණුදෙනුවක් සම්බන්ධයෙන් විරසකව සිට ඇති බව සඳහන්.

පසුගිය සඳුදා සිදුවූ මෙම වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ එක් පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මියගිය පුද්ගලයා ගමන් කළ ත්‍රිරෝද රථයේ සිටි අනෙක් පුද්ගලයායි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කිරීම සඳහා පොලිස් කණ්ඩායම් 03 ක් යොදවා ඇති බවයි.