තවත් අමාත්‍යවරයෙකුට කොවිඩ් ආසාදනය වෙයි

January 27, 2021 at 11:03 AM

රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. මේ සමග පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 07 දෙනෙකු හට වෛරසය ආසාදනය වී ඇත.

මීට පෙර වෛරසය ආසාදනය වූ රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, අමාත්‍ය වාසුදේව නානායක්කාර සහ මන්ත්‍රී රාවුෆ් හකීම් සුවය ලබා නිවෙස් බලා පැමිණ ඇත.

අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මේ වන විට වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටිනවා.