වැඩිහිටියන් යාවත්කාලින නොවීම දරුවන් සමග ගනුදෙනු කිරීමට ඇති මුලික බාධාවයි – NIBM ආයතනයේ අධ්‍යක්ෂක ජනරාල්වරයා කියයි (VIDEO)

January 26, 2021 at 12:35 PM

වත්මන් තරුණ සහ ළමා පරපුර සමග වැඩිහිටියන්ට ගනුදෙනු කිරීමේදී මතුවී ඇති ගැටලුව දරුවන් ගේ වරදින් නොවන බවත් එය වැඩිහිටියන් නව තාක්ෂණය සහ සමාජ ක්‍රමය සම්බන්ධයෙන් නිසි ලෙස යාවත්කාලින නොවීම හේතුවෙන් බව ව්‍යාපාර කළමනාකරණ ජාතික ආයතනය හෙවත් NIBM හි අධ්‍යක්ෂක ජනරාල්වරයා ලෙස කටයුතු කරනු ලබන ආචාර්ය ඩි.එම්. ඒ. කුලසුරිය ප්‍රකාශ කර සිටිනවා.

අද වන විට ලෝකයේ සමස්ත ජනගහණය වන බිලියන 7.6ක සමස්ත පිරිසෙන් බිලියන 2.5ක පිරිසක් නව තාක්ෂණය සමග මුසුවී ඉදිරි වසර 10 තුල රැකියා මෙන්ම විවිධ කේෂ්ත්‍රවලට පා නගන පිරිසක් බවත් අද වන විට පාසැල්, විශ්ව විද්‍යාල තුල පමණක් නොව නිවෙස් තුළද මෙම දරුවන් සමග ගනුදෙනු කිරීමට දෙමාපියන්, ගුරුවරුන් සහ ආචාර්යවරුන්ට නොහැකියාවක් මතුවී ඇත්තේ එම යාවත්කාලින භාවයෙන් තොරවීම හේතුවෙන් බවයි NIBM අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂක ජනරාල්වරයා ප්‍රකාශ කර සිටින්නේ.

අද වන විට සමාජයේ ජිවත්වන බොහෝ පුද්ගලයින් සතුටින් ජිවත් නොවන බවත් ඉදිරි පරපුර සතුටින් ජීවත්වීම සඳහා වන මුලික හරය ඇතුලත් ක්‍රමවේදයක් NIBM අධ්‍යාපන ආයතනය සිය සිසුන්ට හඳුන්වා දුන් බවයි ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ.

තම දරුවාට ජංගම දුරකථනය සහ අන්තර්ජාලය සම්බන්ධයෙන් පරිශීලනය කිරීමට ඉඩ ලබාදීමට මිට වසරකට පමණ ඉහතදී දෙමව්පියන් තුල තිබුනේ දැඩි බියක් වුවත් කොරෝනා වසංගතය හමුවේ දෙමව්පියන් විසින්ම තම දරුවාගේ අතට ජංගම දුරකථනය සහ අන්තර්ජාලය ලබාදෙන තැනට පත්කර ඇති බවද ඔහු මෙහිදී කියා සිටියා.

ඉදිරියේදී අප ගනුදෙනු කළ යුතුව ඇත්තේ GEN-C පරපුර සමග බවත් ඔවුන් අන්තර්ජාලය සහ ඩිජිටල්කරණය සමග ලෝකය ඉදිරියට රැගෙන යන පිරිසක් බැවින් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නිසි දැනුම ඔවුන්ට ලබාදීම අතිශය වැදගත් බවද කියා සිටියා.

පුද්ගලයෙකු අසාර්ථක වන්නේ ඔහු මුහුනදෙන විභාග වලින් නොව ජිවිතයෙන් බවත් අද වන විට ලොව ඉදිරියෙන් සිටින බොහෝ දෙනා විභාග වලින් අසමත් වුවත් ජීවිතය ජයගැනීමට සමත්ව ඇති බවයි.

ලහිරු පෙරේරා සමග Hari TV යුටියුබ් නාලිකාව සමග එක්වෙමින් NIBM ආයතනයේ අධ්‍යක්ෂක ජනරාල්වරයා සිදුකළ සම්පුර්ණ සාකච්ජාව පහතින් දැක්වේ :