පුගොඩ ප්‍රදේශයේ මුව ආවරණ නිෂ්පාදන ආයතනයක සේවකයින් 34 කට කොවිඩ්

January 26, 2021 at 1:57 PM

පූගොඩ මණ්ඩාවල ප්‍රදේශයේ පිහිටි මුඛ ආවරණ නිෂ්පාදන කර්මාන්ත ශාලාවෙන් හඳුනාගත් කොවිඩ් – 19 ආසාදිතයින් සංඛ්‍යාව 34 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.

දොම්පේ ප්‍රදේශයේ සෞඛ්‍ය අංශ නිලධාරීන් පැවසුවේ ඊයේ (25) දිනයේ එම කර්මාන්ත ශාලාවෙන් නව ආසාදිතයින් 29 දෙනෙකු හඳුනාගත් බවයි.

මිට අමතරව ගම්පහ දිස්ත්‍රික් ඉඩම් රෙජිස්ටාර් කාර්යාලයේ සේවය කරන නිලධාරීන් 15 දෙනෙකු පමණ කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන තිබෙනවා. එම කාර්යාලයේ කිහිපදෙනෙකුට සැක සහිත රෝග ලක්ෂණ මතුවීම නිසා ඊයේ විසින් PCR සහ ඇන්ටිජන් පරීක්ෂණ සිදුකරගෙන ඇත.

එහිදී මෙම ආසාදිතයින් සොයා ගෙන ඇති බවයි සෞඛ්‍ය බලධාරීන් සඳහන් කලේ.