කොවිඩ් එන්නත් ලක්ෂ 05ක් ලබන 28 වෙනිදා මෙරටට – කැබිනට් ප්‍රකාශක

January 26, 2021 at 10:01 AM

ඇස්ට්‍රාසෙන්කා කොවිඩ් -19 එන්නත් ලක්ෂ 05ක් මේ මස 28 වෙනිදා ඉන්දියාවෙන් මෙරටට ලබා දෙන බවට අමාත්‍ය මණ්ඩලයට දැනුම් දුන් බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කර සිටිනවා.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් මේ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය දැනුවත් කළ බවයි කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ.

ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට කොවිඩ් -19 එන්නත ලබා දීමට තීරණය කිරීම සම්බන්ධයෙන් එරට රජයට අමාත්‍ය මණ්ඩලයේ ස්තුතිය පුදකළ බවයි අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කියා සිටියේ.