අනිද්දා සිට කොළඹින් පිටවන පුද්ගලයින්ට අහඹු PCR සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ

January 26, 2021 at 4:55 PM

බස්නාහිර පළාතේ පොදු ප්‍රවාහන හා පාසල් බස් රථවල රියැදුරන් සහ සහායකයින් 1,000ක පමණ පිරිසකගේ සිදුකළ ඇන්ටිජන් පරීක්ෂණ මගින් ඉන් තිදෙනෙකු කොවිඩ් ආසාදිතයින් බවට හඳුනා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටිනවා.

මේ අතර ලබන බ්‍රහස්පතින්දා (28) දිනයේ සිට ඉරිදා දිනය දක්වා බස්නාහිරින් පිටවන සියලුම රථ වාහනවල ගමන් ගන්නා පුද්ගලයින් ක්ෂණික ප්‍රතිදේහ ජනක පරික්ෂාවට ලක් කිරීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

ස්ථාන 11කදී එම පරික්ෂණ ක්‍රියාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.