ටෙස්ට් තරගාවලිය ජය ගත් එංගලන්ත ක්‍රීඩකයින් “තනි මිනිසෙකු” වෙනුවෙන් ගාලු පිටියේදී සිදුකළ දේ (VIDEO)

January 25, 2021 at 6:29 PM

ශ්‍රී ලංකාව සමග පැවති ටෙස්ට් තරග දෙකකින් යුත් තරගාවලිය 2-0ක් ;ලෙස ජය ගැනීමට සංචාරක එංගලන්ත කණ්ඩායම අද සමත්වුණා. ඒ දෙවන ටෙස්ට් තරගය කඩුලු 06 කින් ජය ගනිමින්ය.

රොබ් ලුවිස් නම් බ්‍රිතාන්‍යය ජාතිකයා සම්බන්ධයෙන් ලොවපුරා සිටින ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ගේ අවධානය යොමු වුයේ ඔහු සිය ජාතික කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණෙන තෙක් මාස 10කට ආසන්න කාලයක් මෙරට රැඳී සිටිම හේතුවෙනි.

තරගාවලිය ජයග්‍රහණය කළ එංගලන්ත කණ්ඩායම ගාලු ක්‍රීඩා පිටිය මධ්‍යයට පැමිණ තමන් වෙනුවෙන් පුරා මාස 10 කට ආසන්න කාලයක් විදේශ රටකට වී කල් ගත කළ රොබ් ලුවිස් හට සිය ගෞරවය පුද කලේ ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන ප්‍රේක්ෂකයින් සියලු දෙනා හට එය අමතක නොවන මතකයක් එක් කරවින් වීම විශේෂත්වයක්.