31 ක් දෙනෙකුගෙන් සමන්විත සමගී ජනබල වේගය පක්ෂයේ නව නිලධාරි මණ්ඩලය

January 25, 2021 at 5:23 PM

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නායකත්වය දරන සමගි ජනබලවේගයේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අද (25) පත්කරනු ලැබුවා.

මෙයට අමතරව සමගි ජන බලවේගය සඳහා ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් 6 දෙනෙකු නම් කරනු ලැබූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්මන් කිරිඇල්ල, කබීර් හෂීම්, ඉමිතියාස් බාකිර් මාකර්, පාඨලී චම්පික රණවක, කුමාර වෙල්ගම සහ රවීන්ද්‍ර සමරවීර යන මන්ත්‍රීවරුන් මේ සඳහා පත්කරනු ලැබුවා.

මෙම පත් කිරීම් කරනු ලැබුවේ ඇතුල්කෝට්ටේ පිහිටි සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලයේ දී පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂයේ මංගල කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් වූ අවස්ථාවේදී.

මේ එම පක්ෂයේ නව නිලධාරී මණ්ඩලයේ සම්පුර්ණ ලැයිස්තුව,