වැලිමඩ ලොතරැයි අලෙවිකරුවෙකුට කොරෝනා : වැලිකන්ද කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් හමුවූ මත්ද්‍රව්‍ය පිරවූ ටෙනිස් බෝල

January 24, 2021 at 4:24 PM

වැලිමඩ නගරයේ පැරණි තැපැල් කාර්යාල මාර්ගය ආරම්භ වන ස්ථානයේ පිහිටි ලොතරැයි අලෙවි කුටියේ වෙළෙඳාම් කළ පුද්ගලයෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ.

ඒ බව තහවුරු වී ඇත්තේ රෝග ලක්ෂණ මතුවීම හේතුවෙන් ඔහු විසින්ම සෞඛ්‍ය අංශ වෙත සිදුකළ දැනුම්දීමෙන් පසු සිදුකළ PCR පරීක්ෂණයේදී ය.

ඒ අනුව ඔහුගෙන් ඉකුත් 18 වැනිදායින් පසු ලොතරැයි මීලදී ගත් පුද්ගලයින් වැලිමඩ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ඒ බව දැනුම් දෙන්නැයි සෞඛ්‍ය අංශ ඉල්ලා සිටි.

මේ අතර වැලිකන්ද කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානය තුල තිබී මත්ද්‍රව්‍ය පිරවූ ටෙනිස් බෝල 02 ක් සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටිනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කලේ එම ටෙනිස් පන්දු දෙක තුල තිබී දුම්කොළ, ගංජා සහ හෙරොයින් සොයා ගත් බවයි. කිසියම් සංවිධානාත්මක පිරිසක් විසින් වැලිකන්ද ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිටින රැඳවියන්ට ලබාදීම සඳහා මෙය යොමු කරන්නට ඇති බවයි.