විදෙස් මාධ්‍ය, සෞඛ්‍ය ඇමතිනියට කොවිඩ් වෛරසය ආසාදනය වීම ගැන ප්‍රවෘත්ති පළකර ඇති අයුරු (PHOTOS)

January 23, 2021 at 4:50 PM

කොරෝනා වෛරසය ආසාදනය වූ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි හික්කඩුව ප්‍රදේශයේ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා. ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වූයේ ඊයේ සිදු කෙරුණු පී සී ආර් පරීක්‍ෂණයකදීයි.

සැත්කමකට පෙර කොළඹ ජාතික රෝහලේදී සිදු කෙරුණු පී සී ආර් පරීක්‍ෂණයකදී සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුණා. කෙසේවෙතත් පවුලේ සාමාජිකයින් කිසිවෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවයි වෛද්‍ය පරීක්‍ෂණවලින් තහවුරු වී ඇති බවයි නෙත් නිවුස් වෙබ් අඩවිය වාර්තා කර සිටියේ.

මේ අතර මෙරට සෞඛ්‍ය අමාත්‍යවරියට කොරෝනා වෛරසය ආසාදනය වීම සම්බන්ධයෙන් ඇතැම් ජාත්‍යන්තර මාධ්‍ය එම ප්‍රවෘත්තිය වාර්තා කර තිබුනේ මේ අයුරින්ය,