අත්ට්‍රැක්ටරයට යටවී මාස 09ක් වයසැති බිලිඳා මියයයි

January 23, 2021 at 10:28 AM

මොරගොඩ මහදිවුල්වැව ප්‍රදේශයේදී අත් ට්‍රැක්ටරයකට යටවීමෙන් සිදුවූ අනතුරකින් බිළිදෙකු මියගොස් තිබේ.‍ අත් ට්‍රැක්ටරයේ පිටුපස මවක් සහ ඇගේ දරුවා ගමන්කර ඇති අතර මහදිවුල්වැව වැව් බැම්ම මතින් ගමන් කිරීමේදී ට්‍රැක්ටරය එකවරම පිටුපසට යෑමෙන් මව අතින් ගිලිහිණු දරුවා බිමට වැටී ඇති බව පොලීසිය සඳහන් කර සිටියේ.

එහිදී ට්‍රැක්ටරයට යටවීමෙන් බරපතල තුවාල ලැබූ දරුවා යක්කල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත.

මියගොස් ඇත්තේ මාස 09 ක් වයසැති නාමල්පුර ප්‍රදේශයේ පදිංචිව සිටි දරුවෙකු වන අතර අනතුර සම්බන්ධයෙන් අත් ට්‍රැක්ටරයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේ.