බදුල්ල, නුවරඑළිය ඇතුළු ප්‍රදේශ කිහිපයකට භුචලනයක්

January 22, 2021 at 10:23 AM

රිච්ටර් මාපකයේ ඒකක 2කට අඩු අගයකින් යුත් සුළු භූචලනයක් වලපනේ, නුවරඑළිය සහ බදුල්ල ප්‍රදේශවලින් අද දින අලුයම වාර්තා වී ඇති බව භූවිද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය සඳහන් කර සිටිනවා.

එම කාර්යාංශයේ පිහිටි සුනාමි පෙර අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානයේ ප්‍රකාශිකාවක් සඳහන් කළේ මෙම සුළු භුචලන තත්ත්වය අද අලුයම 3.29 ට පමණ සිදුව ඇති බවයි.

එම භූචලනය මෙරට ස්ථාපිත කොට ඇති භුමාපක වල සටහන්ව ඇති බවත් චලනය තත්ත්පර 06 ක කාලයක් පැවති ඇති බවයි එම ප්‍රකාශිකාව වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂණ සිදුකරන බවයි භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය සඳහන් කර සිටියේ.