ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වේ

January 21, 2021 at 12:50 PM

එක්දින තරග සඳහා පුහුණුවීම් සිදුකරමින් සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකු හට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දිය කොදෙව් තරග සංචාරය සඳහා පුහුණුවීම් සිදුකරමින් සිටි ක්‍රීඩකයින් දෙදෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කණ්ඩායම් 03ක් යටතේ පුහුණුවීම් සඳහා කැඳවා තිබුණා.

වෛරසය ආසාදනය වූ ක්‍රීඩකයින් දෙදෙනා කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත මාරු කොට යැවීමට අවශ්‍ය පියවර ගන්නා බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ.

ආසාදිත ක්‍රිකට් ක්‍රීඩකයින් සමඟ සම්බන්ධකම් පැවැත්වූ වෙනත් ක්‍රිකට් ක්‍රීඩකයින් හඳුනා ගැනීම සඳහා සෞඛ්‍ය බලධාරීන් සම්බන්ධතා සොයා ගැනීමේ නිරතව සිටී.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ පුහුණුව කණ්ඩායම් වශයෙන් සිදු කර ඇති බැවින් සියලුම ක්‍රීඩකයින් ආසාදිත ක්‍රිකට් ක්‍රීඩකයින් සමඟ සෘජුව සම්බන්ධ වී නොමැති බවයි.

මේ සම්බන්ධයෙන් අවශ්‍ය පූර්වාරක්‍ෂක පියවර ක්‍රියාත්මක කිරීමට බලධාරීන් මේ වන විටත් අවශ්‍ය කටයුතු ආරම්භ කර තිබේ.