ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 08 දෙනෙකු ශාරීරක යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත් – අයිලන්ඩ් පුවත්පත වාර්තා කරයි

January 21, 2021 at 11:25 AM

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් අට දෙනෙකු කොළඹදී දී පැවති ශරීර යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත් වීම හේතුවෙන් එම ක්‍රීඩකයින් හට අවසන් නිවේදනයක් නිකුත් කර ඇති බව අයිලන්ඩ් පුවත්පත වාර්තා කර සිටිනවා.

එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා කෙටි ලැයිස්තුගත ක්‍රීඩකයින් 20 දෙනෙකුගෙන් යුත් සංචිතයක් කොළඹදී ශරීර යෝග්‍යතා පරීක්ෂණවලට භාජනය වූ අතර ඔවුන්ගෙන් අට දෙනෙකු එම පරීක්ෂණ අසමත් වි ඇත. එලෙස අසමත්වූ ක්‍රීඩකයින් අතර කණ්ඩායමේ ස්ථිර සාමාජිකයන් කිහිප දෙනෙකු සහ ඇතැම් ජේෂ්ඨ ක්‍රීඩකයින් ද ඇතුළත් වන බවයි

ශාරීරක යෝග්‍යතා පරීක්ෂණයෙන් ක්‍රීඩකයින් 08 දෙනා හට ලබන පෙබරවාරි මස 03 වෙනිදා පැවැත්වෙන තවත් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයකට පෙනී සිටීම සඳහා අවසාන අවස්ථාවක් ලබා දී ඇත. කෙසේ වුවත් දෙවන ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් මෙම ක්‍රීඩකයින් අසමත් වුවහොත් ඔවුන් එළෙඹෙන බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා තෝරා ගැනීමට නුසුදුසු වනු ඇත. ශ්‍රී ලංකාව කැරිබියන් දුපත් හිදී බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයින් සමග ටෙස්ට් තරග 2 ක්, එක්දින තරග 3 ක් සහ විස්සයි -20 තරග 3 ක් ක්‍රීඩා කිරීමට නියමිතව ඇත.

ශාරීරික යෝග්‍යතාවය කණ්ඩායම තුළ වැඩි අවධානයක් යොමු වී ඇති අතර ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් ක්‍රීඩකයින් ගේ ශාරීරක යෝග්‍යතාවය විශිෂ්ට මට්ටමක පැවතිය තිබිය යුතු බවට කියා සිටියි.

ආරම්භක පිතිකරු අවිෂ්ක ප්‍රනාන්දු ශාරීරක යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත් වීම හේතුවෙන් එංගලන්තයට එරෙහි ටෙස්ට් තරග මාලාවෙන් නිදහස් කරනු ලැබුවා. ඊයේ පැවැත්වූ දෙවන ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් ද අවිශ්ක ප්‍රනාන්දු අසමත් වූ බවයි විශ්වාස කෙරෙන්නේ.

( රෙක්ස් ක්ලෙමන්ටයින් / ද අයිලන්ඩ් පුවත්පත)