එල්ලවන චෝදනාව ක්‍රිකට් ක්‍රීඩකයා වගේම වෛද්‍යවරියත් ප්‍රතික්ෂේප කළා – අසන්ත ද මැල් මාධ්‍යට සත්‍ය හෙළිකරයි (VIDEO)

January 21, 2021 at 11:37 AM

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටින තරුණ ක්‍රීඩකයෙකු සහ කණ්ඩායමේ වෛද්‍යවරිය සම්බන්ධයෙන් මාධ්‍ය විසින් පසුගියදා පළකර තිබු පුවතක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු සහ තේරීම් කමිටුවේ සභාපති අසන්ත ද මැල් අද කරුණු හෙළිකර සිටියා.

පුද්ගලික රූපවාහිනී ආයතනයක උදෑසන වැඩසටහන සමග සම්බන්ධ වෙමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු කියා සිටියේ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මීකි ආතර් මෙම චෝදනාව සමබන්ධයෙන් ආදාළ ක්‍රීඩකයාගෙන් සහ වෛද්‍යවරියගෙන් කරුණු විමසු බවත් එහිදී ඔවුන් දෙදෙනාම එය ප්‍රතික්ෂේප කළ බවයි.

එය කිසිදු සත්‍යතාවයක් නොමැති පුවතක් බවත්, කණ්ඩායමේ කළමනාකාරිත්වය ලෙස අවශ්‍ය නම් විධිමත් පරීක්ෂණයක් කොට එහි සත්‍ය අසත්‍යභාවය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට විස්තර ලබාගත හැකි බවද කියා සිටියා.