කුමාර් සංගක්කාර රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට

January 20, 2021 at 7:22 PM

මෙම වසරේ පැවැත්වීමට නියමිත ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ අධ්‍යක්ෂකවරයා ලෙස ශ්‍රී ලංකා හිටපු සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර තෝරා පත්කර ගෙන තිබෙනවා.

අද දිනයේදී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සිය නායක ස්ටීව් ස්මිත් නිදහස් කිරීමට තීරණය කළ අතර ඒ වෙනුවට සංජු සැම්සන් නව නායකයා ලෙසට පත් කරනු ලැබූ බවයි කණ්ඩායමේ හිමිකරු මනෝජ් බාඩ්ලේ ප්‍රකාශ කරේ. ඒ සමගම MCC ප්‍රධානි කුමාර් සංගක්කාර කණ්ඩාමේ අධ්‍යක්ෂකවරයා ලෙස එක්වීමද ඔහු තහවුරු කර සිටියා.

” සංජු නායකයෙක් ලෙස ඔහුගේ ගමන ආරම්භ කරමින් සිටින්නේ. කුමාර් සංගක්කාර කණ්ඩායමේ අධ්‍යක්ෂකවරයා ලෙස එක්වීමට නියමිතයි. ඔහු පුද්ගලයෙකු ලෙස ගත් කළ ඉතා ශක්තිමත් අයෙක් වන අතරම කඩුලු රකින්නෙක් ලෙස කණ්ඩායම මෙහෙයවීම ඉතා වැදගත්” යැයි බාඩ්ලේ ප්‍රකාශ කර සිටියා.

අන්තර්ජාතික ක්‍රිකට් දිවියට සමුදිමෙන් පසු කුමාර් සංගක්කාර විදෙස් තරගාවලි කිහිපයක උපදේශකවරයෙකු ලෙස කටයුතු කරනු ලැබුවා.