අසන්ත ද මැල් ඉවත් වීමට සුදානම් වෙයි

January 20, 2021 at 10:33 AM

එංගලන්තය සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයෙන් පසු තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකාර තනතුරෙන් ඉවත් වෙන බව අසන්ත ද මැල් ප්‍රකාශ කර සිටිනවා.

පුද්ගලික හේතුවක් මත තමන් කණ්ඩායමේ කළමනාකාරිත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළද ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා ලෙස දිගටම කටයුතු කරන බවයි අසන්ත ද මැල් ඩේලි නිවුස් පුවත්පතට ප්‍රකාශ කර ඇත්තේ.

2019 වර්ෂයේ සිට අසන්ත ද මැල් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු සහ තේරීම් කමිටු සභාපති ධුරය හොබවනු ලබනවා.