එංගලන්ත කණ්ඩායම තරග කිරිමට එන තෙක් පුරා මාස 10ක් ශ්‍රී ලංකාවේ රැඳී සිටි ප්‍රේක්ෂකයාට නායක ජෝ රූට් ගෙන් දුරකථන ඇමතුමක් (VIDEO)

January 18, 2021 at 4:45 PM

එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කිරිමට පැමිණෙන තෙක් මාස 10 ක කාලයක් මෙරට රැඳී සිටි එංගලන්ත ප්‍රේක්ෂකයෙකු සමග නායක ජෝ රූට් අද දුරකථන සංවාදයක් පවත්වනු ලැබුවා.

රොබ් ලුවිස් නම් මෙම ප්‍රේක්ෂකයා මාස 10 ක කාලයක් මෙරට රැඳී සිටියේ සිය ජාතික කණ්ඩායම මෙරට ක්‍රීඩා කරන අයුරු දැක බලා ගැනීමේ නොනිසි ආශාවෙනි.

එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය පසුගිය වසරේ මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිතව තිබුණත් කොවිඩ් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් එය කල් යනු ලැබුවා.

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ගාල්ලේ පැවති පළමු ටෙස්ට් තරගය නැරඹීමට ගාලු කොටු පවුරේ සිටි රොබ් ලුවිස් ඉන් ඉවත් කළ ද පසුව විශේෂ අවසරයක් මත ගාලු කොටු පවුර මත සිට තරගය නැරඹීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඔහුට අවසර ලබා දෙනු ලැබුවා.