අනාරක්ෂිත අයුරින් මාර්ගය හරහා ගමන්කළ පාසල් සිසුවෙකු ත්රිරෝද රථයක ගැටෙන ආකාරය අසල තිබූ CCTV කැමරාවක සටහන් වී තිබුණි. ඒ බදුල්ල කයිලගොඩ ප්රදේශයේදී සිදුවූ මෙම අනතුරෙන් තුවාල ලැබූ දරුවා රෝහල්ගතකර තිබේ. අනතුරෙන් තුවාල ලැබූ දරුවාගේ තත්ත්වය බරපතල නොවන බවයි වාර්තා වන්නේ. ( මුලාශ්ර : අද දෙරණ වෙබ් අඩවිය) 2021-01-16