රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය ද සිය නිවසේ සිට දින 14ක් ස්වයං නිරෝධායනයට ලක්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ ප්‍රකාශ කර සිටිනවා.
විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය ගේ නිවසේ තිබු සාදයකට සහභාගිවූ වෛද්‍යවරයෙකු කොවිඩ් 19 වෛරසය ආසාදනයවී ඇති බවට තහවුරු වීම හේතුවෙන් මෙලෙස ඔහු නිරෝධායනයට ලක්වන බවයි වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
පසුගිය 08 වෙනිදා කැලණිය, වනවාසල ප්‍රදේශයේ පිහිටි නිවසේ පැවති සාදයකට සහභාගිවූ මෙම වෛද්‍යවරයා කොවිඩ් ආසාදිතයෙකු බවට හෙළිවීමෙන් පසුව ඔහුගේ පළමු පෙළ ආශ්‍රිතයෙකු ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා සහ ඔහුගේ නිවසේ සාදයට පැමිණි පිරිස නිරෝධායනයට ලක් කරන ලෙස මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කැලණිය සහ අවිස්සාවේල්ල පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල වෙත දැනුම් දී තිබුනේ පසුගිය 13 වෙනිදායි.