අද දින කොවිඩ් මරණ 08ක්

January 11, 2021 at 11:18 PM

අද දිනයේදී මෙරටින් කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 569ක් සහ මරණ 08ක් වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කර සිටිනවා.

අද දිනය වන විට මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 240ක් දක්වා ඉහළ ගොස් ඇති අතර වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 48,949ක්.

මේ වන විට වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 42,091ක් සුවය ලබා ඇති අතර දැනට රෝහල් ගතව සිටින පිරිස 6,626ක්.

මෙරට දෙවන කොරෝනා රැල්ලේ වාර්තා වන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 45,186ක්.

මේ අතර අද දිනයේදී වාර්තා වූ කොරෝනා මරණ පසුගිය දින කිහිපය තුලදී වාර්තා වූ මරණ ඇතුලත් වන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

Image

Image