වික්ටෝරියා ප්‍රාන්ත තරගාවලියේ පළමු තරගයේදී ඩිල්ෂාන් සුපුරුදු දස්කම් අතරට

January 10, 2021 at 8:06 PM

හිටපු ශ්‍රී ලංකා තුන් ඉරියවු ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්ත තරගාවලියේ පළමු ක්‍රිකට් තරගයට ඊයේ එක්වූවා.

Casey-South Melbourne Cricket club කණ්ඩායම නියෝජනය කරන ඩිල්ෂාන් ගේ ප්‍රතිවාදී කණ්ඩායම වුයේ Dandenong Cricket Club කණ්ඩායමයි.

ඊයේ පැවති තරගයේදී ඩිල්ෂාන් සිය සුපුරුදු දස්කම් වලට පැමිණි අතර එහිදී පන්දු 60 කදී ලකුණු 63ක් රැස් කළ අතර පන්දු යැවීමේදී ඕවර් 10ක් යවා ප්‍රතිවාදී කණ්ඩායමට ලකුණු 32ක් පමණක් ලබා දෙමින් තම කණ්ඩායමට කඩුලු 08 ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සිය දායකත්වය ලබා දෙනු ලැබුවා.

ඩිල්ෂාන් ගේ ප්‍රතිවාදී කණ්ඩායම වු Dandenong Cricket Club හි හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක සුරාජ් රන්දිව් ක්‍රීඩා කරනු ලැබුවා.

දැනට තිලකරත්න ඩිල්ෂාන් සිය පවුලේ සාමාජිකයින් සමග ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ජිවත් වනවා. නමුත් ඔහු ස්ථිර පදිංචියට ඕස්ට්‍රේලියාව තෝරා ගත්තාද යන්න සම්බන්ධයෙන් මේ දක්වා තහවුරු කර නොමැත.