ඉන්දීය ක්‍රීඩකයින්ට වර්ගවාදී ප්‍රකාශයන් සිදුකළ ඕස්ට්‍රේලියානු ප්‍රේක්ෂකයින් පිටියෙන් ඉවත් කෙරේ

January 10, 2021 at 11:26 AM

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක මොහොමඩ් සිරාජ් විසින් සිදුකළ පැමිණිල්ලක් මත සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිටි ප්‍රේක්ෂකයින් පිරිසක් ඉවත් කිරිමට ආරක්ෂක අංශ විසින් අද පියවර ගනු ලැබුවා.

ඒ ප්‍රේක්ෂකයින් විසින් වර්ගවාදය මුල් කර ගනිමින් විවිධ ප්‍රකාශ සිදුකිරීම හේතුවෙනි.

ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර සිඩ්නි හි පැවැත්වෙන තුන්වන ටෙස්ට් තරගයේ 4 වන දිනයේදී හතරේ සීමාව ආසන්නයේ පන්දු රකිමින් සිටි මොහොමඩ් සිරාජ් හට මෙම තත්ත්වයට මුහුණ දීමට සිදුවූ අතර ඔහු ඒ සම්බන්ධයෙන් පිටියේ සිටි විනිසුරුවන්ව දැනුවත් කරන ලදී.

ඉන්දීය පන්දු යවන්නාට පැවසුවේ කුමක්ද යන්න පැහැදිලිවී නොමැති නමුත් ආරක්ෂක නිලධාරින් පැමිණ එම ස්ථානයේ සිටි ප්‍රේක්ෂකයින් පිටියෙන් ඉවත් කරන ලදී.

දැනට පැවැත්වෙන ටෙස්ට් තරඟයේ දෙවන හා තෙවන දිනවල දී මොහොමඩ් සිරාජ් සහ ජස්ප්‍රිත් බුම්රා හට තරගය නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයින් විසින් වර්ගවාදී ප්‍රකාශයන් සිදුකළ බවට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකාරිත්වය විසින් තරග බලධාරීන්ට ඊයේ දිනයේ දී පැමිණිලි කරනු ලැබුවා.